Thursday, May 9, 2024

පාර්ලමේන්තුවේ වාර අවසන් කෙරේ – නවවැනි පාර්ලමේන්තුවේ පස්වැනි සභාවාරය පෙබරවාරි 07 වැනිදා

Must read


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී  ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article