Friday, May 17, 2024

පර්යේෂණ කටයුතු වෙනුවෙන් රජයේ ආධාර වැඩි කරනවා – ජනපති

Must read

MS01212017T_2

තේ, වැවිලි කර්මාන්තය,සෞඛ්‍ය හා ධීවර ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් සියළුම ක්ෂේත්‍රවල පර්යේෂන කටයුතු වෙනුවෙන් රජය වෙන් කරන අරමුදල් ඉදිරියේදී වැඩි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෙරට තේ වගාව ආරම්භ කර වසර 150ක් සම්පූර්න වීම නිමිත්තෙන් හා තලවකැළේ තේ පරයේෂණ ආයතනයට වසර 92ක් සැපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් එතුමා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසු තලවකැළේ තේ පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කල පළමු රාජ්‍ය නායකයා වන ජනපති සිරිසේන මහතා තේ වගාවේ දියුණුව වෙනුවෙන් සියළුම සම්පත් ලබා දීමට රජය බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.

එලෙසම තේ පරයේෂණ ආයතනයේ සේවය කරන සේවකයන් ස්ථීර කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවටත්, තේ වතු වල වැඩ කරන කම්කරුවන්නේ සුබසාධණය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවට මෙන්ම එම කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට එතුමා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඓලෙසම තේ පර්ය්ෂණ ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණ ගණනාවකින් පසු නිපදවූ නියගයට ඔරොත්තු දෙන තේ වර්ග 4ක් මෙහිදී හදුන්වා දුන් අතර ඉන් එක් වර්ගයක් රෝපන කිරීම ජනපතිතුමා අතින් සිදුවිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article