Saturday, May 18, 2024

පරවියෙකුගේ ජීවිතය බේරාගත් මෙහෙයුම

Must read

 

 

මාතර හක්මන පාරේ වතුර ටැංකිය (කුලුන) මුදුනේ සරැංගල් යවන තංගුස් නුලක පැටලි ඊයේ දින සිට ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවු පරවියෙකු බේරාගැනිමේ මෙහෙයුමක් දියත්වුනා..සිද්ධිය සැකෙවින් …පසුගිය දිනෙක මෙම පරවියා නුලේ පැටලි ඇති අතර එය දුටු අසල කෘෂිකර්ම දේපාර්තමේන්තුවේ නිලධාරියෙකු වනජීවී කාර්යාලය දැනුවත් කර ඇතිමුත් වතුර ටැංකි මුදුනට ලගාවිමේ පහසුකම් නොමැති වීම මත එම ප්‍රයත්නය නිශ්පලවී ඇත. ඉන් අධෛර්ය නොවු එම මහතා ඉන්පසුව ඊට පසු දින මාතර නගරාධිපතිවරයා වෙත මේ පිලිබඳ දැනුම් දෙන්නේ කෑම,වතුර නොමැතිව රෑයක් පහන් කල පරවියා දැක දැක මියයනු බලාසිටිය නොහැකි හෙයිනි.
නගරාධිපතිවරයා වහාම ගිණිනිවන ඒකකය අදාල ස්ථානයට යොදවන අතර ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වතුර ටැංකියට ඇතුළු වීමයි.
මේවනව්ට මෙම මෙහෙයුම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණ සහයට මධ්‍යම පරිසර අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය ,ඛනිජ තෙල් නිතිගත සංස්ථාව (පෙට්ට්‍රොලියම්-මාතර),මාතර නගර මහ නගර සභාව,ජලසම්පාදන දෙපාර්තමේන්තුව ,මාතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,මාර්ග සංවර්ධන අධිකාරිය ,මාගා ආයතනය අතුළු ආයතන රැසක නිලධාරීන් හා ස්වේච්ඡා සහන සේවකයන් රැසක් මේ කටයුත්තට එකතු වෙන අතර පසුව ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ සේවක සහය සහිතව ගිණිනිවන ඒකකයේ නිලධාරීන් ඉතා අසිරැ ,තාසජනක මෙයෙයුමකින් පසුව පරවියා මුදාගනු ලබනවා.
ඒ එතැන රැස්ව සිටි හැමෝගෙම අත්පොළසන් හඩ මධ්‍යයේ…
ඒ වෙනවිටත් පරවියා ප්‍රතිකාර කිරිම සදහා භාර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලයේ නිලධාරීන් පැමින සිටි අතර පරවියා එවනවිට සුවෙන් පසුවුනා..
හැමෝම සතුටින් විසිර ගියා..
මේක සුළු සිදුවිමක්..එත් මේ සිද්ධිය සාමුහිකත්වයෙන් ඕනෑම දෙයක් ජයගතහැකි බවට නිදසුනක් …
මේ සදහා දායකවු සැමට පිං…අත්වැරැදීමකින් කාවහරි සදහන් කිරිම මගහැරැනානම් සමාවන්න !

(සටහන උපුටාගත්තේ මුහුණුපොතෙනි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article