Friday, September 20, 2024

පන්නිපිටිය පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ

Must read

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ⁣⁣රෝහලක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ⁣රෝහලේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු PCR පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

එමෙන්ම පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයා වශයෙන් හදුනාගත් මාළු ව්‍යාපාරිකයා ඇසුරු කළ පුද්ගලයින් හා අවට නිවාසවල පදිංචිකරුවන් නිරෝධායනය සඳහා යොමුකිරිමට පියවර ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article