Tuesday, September 15, 2026
spot_img

මියන්මාරයේදී WHO රියදුරෙකු වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

Must read

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රියදුරෙකු වශයෙන් කටයුතු කල Pyae Sone Win Maung නම් පුද්ගලයෙකු මියන්මාරයේදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව BBC පුවත්සේවය වාර්තා ⁣කරයි. මොහු වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයේ COVID 19 සාම්පල රැස් කිරීමට ගිය අවස්ථාවක මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

පසුගිය සතිවල දී හමුදාව සහ සන්නද්ධ ජනවාර්ගික “අරකාන්” හමුදා කණ්ඩායම අතර සටන උත්සන්න වීමත් සමඟ සිවිල් වැසියන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන් පවසයි.
කෙසේ වෙතත් මේ වන තෙක් රියදුරට වෙඩි තැබූවේ කවුරුන්ද යන්න පිළිබදව තොරතුරු හෙලිවී නොමැති අතර දෙපාර්ශවයම එකිනෙකාට වැරැද්ද පටවමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article