Thursday, January 23, 2025

පණත් වල ඇති හිල්වලින් රිංගන බේකරි හිමියන්ට එරෙහි ක්‍රියාමාර්ග කෝ ?

Must read

පිටිවල මිළ ගණන් අඩුවි තිබුණද බේකරි නිෂ්පාදන වල මිළ අඩු නොවිම පිළිබදව පාරිභෝගික ජනතාව තුල ඇත්තේ නොරිස්සුමකි. එමෙන්ම බේකරි හිමියන් විසින් හිතු ලෙසින් මිළ ගණන් අය කිරිම පමණක් නොව පාන්වල බරද අඩුකිරිමට කිසිදු බියකින් තොරව කටයුතු කරමින් සිටිති

මේ අතර කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය පවසන්නේ පවතින නීතිය මත පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පෙන්වාදී නොමැති නිසා බේකරිහිමියන්ට හා වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක මහතා,

“පනතේ පාන් ගෙඩිය ග්‍රෑම් 450යි කියලා සඳහන් වෙලා නැති නිසා වංචනිකයින්ට රිංගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ හිඩැස වහලා දෙන්න කියලා. පනතේ ග්‍රෑම් 225ටත් පාන් හදන්න පුළුවන් නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩිය ග්‍රෑම් 225ට හදලා දෙනවා.”

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් ඉක්මනින් පියවර නොගන්නේ නම් පිටිමිළ අඩුකිරිමේ රජයෙේ තිරණයේ ඇත්ත වාසිය පාරිභෝගිකයන් හට නොලැබෙනු ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article