Monday, September 14, 2026
spot_img

නිසි කලට වැසි පතා සෞභාග්‍ය වෙනුවෙන් කළ කිරි කල පූජා

Must read

පුත්තලම ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යට සමගාමීව පවත්වනු ලබන කිරි කල පූජාව පසුගිය 22 වැනිදා දහවල් කාලයේ දී සිදු කරන ලදි.

පුත්තලම – කොළඹ පාරේ පිහිටි අයියනායක දේවාලයේ සිට කුරුණෑගල මාර්ගයේ පිහිටි මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා පා ගමනින් පැමිණි 50 කට අධික තරුණ තරුණියන් සහ කුඩා දරුවන් විසින් මෙම කිරි කල පූජාව පවත්වන ලදි.

නිසි කලට වැසි ලැබෙන ලෙසත්,වසංගත රෝග දුරුවී රටට යහපතක් උදා වන ලෙසත් ප්‍රාර්ථනය කරමින් මෙම කිරි කල පූජාව වාර්ෂිකව සිදු කරණු ලබයි.

 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article