Thursday, May 2, 2024

”නිල් අහසේ වසන්තය” මතින් තොරද ?

Must read

NATIONAL-KITE-FESTIVAL-2017-NIL-AHASE-WASANTHAYA-SRI-LANKAනිල් අහසේ වසන්තය නමින් ජාතික සරුංගල් උත්සවය ලබන බව මිගමුව වෙරළ උද්‍යානයේදි පැවැත්වෙන බවට පළල් ප්‍රචාරයක් දැනටමත් මාධ්‍ය මගින් සිදුකරමින් තිබේ.
එය සංවිධානය කරනු ලබන බව කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ ජාතික සරුංගල් කමිටුව එකාබද්ධව බවද කියැවේ .
මෙය පැවැත්වෙන්නේ වෙරළ උද්‍යානයේදිය.
මෙහිදි මතුවෙන කරුණු 2 කක් වේ
එනම් මීගමුව වෙරළ උද්‍යානයේ වත්මන් හිමිකරුවා ලෙස කටයුතු කරන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය පිළිබදව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති පවුලක්ය
මේ පවුලේ එක් පුතෙකු විසින් රුපියල් කෝටි ගණනක වියදමින් මෑතකදි ඉදිකළ සුඛෝපහෝගි නිවස අද මීගමුවේ ජනයා හදුන්වන්නට පටන්ගෙන ඇත්තේද ”ගංජා මහල්” නමිනි.
තතු මෙසේ වෙද්දි  මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය රටට අණබෙර ගසා මත්ද්‍රව්‍ය නිවාරණ පෙළපාලිද සමගින් දැවැන්ත මත්ද්‍රව්‍ය විරෝධි සැණකෙලියක් සදහා කටයුතු සුදානම් කරගෙන යමින් සිටිති.
ජනපතිතුමෙනි මේ ඔබේ අවධානය පිණිස යැයි අප නොලියන්නේ යහපාලන කැබිනේට්ටුවේද ඇමතිවරයෙකු මීගමුවේ ගෝඩ් පාදර්ගේ පුතෙකු ද වන බැවිනි.එපමණක් නොව මෛත්‍රි රජය පෙරළා මහින්ද පාලනය යළි මේ රට තුල ස්ථාපිත කිරිම සදහා  24 පැයේ දේශපාලනයක් කරනු ලබන පවුලක්ද වන නිසාය.
අනික් කරුණ නම් මෙහි පෙලගැස්මේ ඇති වැඩසටහන් සහ මෙය පවත්වනු ලබන භුමිය සහ එහි හිමිකරුවන්ද සමගින් ගත් විට මේ නිල් අහස මතින් තොර වෙයිද යන්න ගැටළු සහගත බවය.
ක්ලෝඩ් ප්‍රනාන්දු
වැල්ලවීදිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article