Friday, May 17, 2024

නැගෙනහිර පොලිසියේ ‘ෆේස්බුක් භීතිය’ නිසා වසරක් සිරගතව සිටි විජයදාසට ඇප ??

Must read



ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  වන කේ.විජයදාස මහතා අද (27) ඇප මත මුදා හැර තිබේ.  වාලච්චේන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විනිසුරු එච්.එම්.එම් බැසිල් මහතා ඉදිරියේ අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය කොන්දේසි සහිතව ඇප නියම කරන ලදී.
රජය විසින් තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කර තිබීම හේතුවෙන් 2020.11.27 වන දින වව්නතිව් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  එක් දරු පියෙකු වන 30 හැවිරිදි විජයදාස මහතා වසරකුත් මාසයක කාලයක් තුළ අත්අඩංගුවේ පසුවූ  අතර නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ. එම්.එච්.එම්.රම්සීන් සහ හැලිබ් රිබන් යන නීතීඥවරුන්  විජයදාස මහතා වෙනුවෙන් නිතිමය මැදිහත්වීම් සිදුකරන ලදී

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article