පසුගිය රජය සමයේ ශ්‍රීලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් ” තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදීම මගින් රජයේ මුදල් සාවද්‍ය ලෙස භාවිතා කල බවට චෝදනා ලැබ සිටින ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගය සදහා නොවැම්බර් 26වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කර ඇත.