Monday, May 20, 2024

නාමල්, ඡන්දය වර්ජනය කළ හේතුව?

Must read

messenger sharing button
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය

ඊයේ (01) දින පැවති අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ නොවිය.

පැය 10කට අධික දීර්ඝ වාද විවාද සහිත සභාවාරයකින් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට පක්ෂව වැඩි ඡන්ද 60 ක් ලැබී තිබුණද, කැපී පෙනන කරුණක් වුයේ ආණ්ඩු පක්ෂය නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෝඨාභය රාජපක්ෂ රජයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ එවකට රජයේ කැබ්නට් අමාත්‍යවරයෙකු වූ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණ සිටිමයි.

කෙසේ වෙතත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

එම විවාදයට සහභාගී නොවීම හා ඡන්දය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා පවසා සිටියේ, රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවය. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිනිදුම ආසන සම්මේලනය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

“මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය යුතුයි. එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු දක්වන්න ඕනේ. ඒ හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කියලා වැඩක් නෑ. ඒක මේ රටට කියන්න. මොකද අපි රටක් විදියට තීරණාත්මක තීන්දු තීරණ ගන්න කාලසීමාවක්. අපි දැක්කා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඊයේ දවල් වෙනකල් මේකට සහයෝගය දෙනවා කියලා අන්තිමට විරුද්ධ වුණා. මම දන්නේ නෑ ඇයි කියලා. හැමදාම වගේ අවසාන මොහොතේ විරුද්ධ වුණා. ඒක ඒ අයගේ දේශපාලන චරිතේ. අපිට වගකීමක් තියෙනවා මේ රට ස්ථාවර කරන්න. අපිට වගකීමක් තියෙනවා මේ රට ශක්තිමත් කරන්න.”

theleader.lk

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article