ඊයෙ (17) අවසන් වූ නවසීලන්ත මහමැතිවරණයේදී Jacinda Ardern දෙවන වරටත් අග්‍රාමාත්‍යවරිය වශයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වෙයි. ඇය සිය ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ ඇය නියෝජනය කරන මධ්‍ය වාමාංශික පක්ෂය විසින් වසර 50ක පමණ ඉතිහාසයක් තුල ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් වීම විශේෂත්වයකි.
දේශපාලන විචාරකයන් පවසන්නේ නවසීලන්තය තුල කොවිඩ්19 ව්‍යාප්තිය සාර්ක ලෙස පාලනය කිරීමත්, ඇගේ අවසන් වූ ධුර කාලය තුල රට තුල සිදුවූ අසාමාන්‍ය අවස්ථාවන් වලදී ඇයගේ නායකත්වයත් මත ඇයට මෙවර විශාල ජයග්‍රණයක් හිමිව ඇති බවයි.