Sunday, May 12, 2024

නවසීලන්තයට පිට පිට 4වන පරාජයත් හිමිවෙයි

Must read

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පිට පිට 4වන පරාජයට හිමිකම් කීමට නවසීන්ත කණ්ඩායමට අද (04)සිදුවිය. ඒ පාකිස්ථානය හමුවේ අද පැවති තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමයහමුවේ පරාජය වීමත් සමගය.

පලමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 402ක දැවැන්ත ඉලක්කයක් පාකිස්ථානය වෙත ලබදෙීමට සමත් විය. එහිදී රචින් රවින්ද්‍ර ලකුණු 108ක් රැස් කල අතර ආබාධයකින් පසු කණ්ඩායමට එක්වූ නායක කේන් විලියම්සන් ලකුණු 95ක් ලබාගැනීමට සමත් විය.

පසුව ලකුණු 402ක ඉලක්කය හබායාමට පිටියට පිවිස පාකිස්ථානය ඉතාමත් හොදින් තම ඉලක්කය වෙත ගමන්කරමින් සිටි අතරතුරදී ඇදහැලුන වර්ෂායව හේතුවෙන් තරඟය අත්හැර දැමුන අතර එම අවස්ථාවේදී ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව පාකිස්ථානය තරඟය ජයගෙන තිබිණි. පාකිස්ථානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකල ෆකර් සමාන් නොදැවී ලකුණු 126ක්ලබාගත් අතර නායක බාබර් අසාම් ලකුණු 66ක් ලබාගැනීමට සමත් විය.

කෙසේ වෙතත් නවසීලන්තයේ පරාජයත් සමග අවසන් කණ්ඩායම් 4,සිව්වන ස්ථානය සදහා සටන තවමත් විවෘතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article