Thursday, May 9, 2024

ධිවර සංගම් යාපනයේ ඉන්දිය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වයි

Must read

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නතර කරන ලෙස ඉල්ලමින් ධීවරයින් යාපනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම වළක්වන ලෙස ඉල්ලමින් ධීවරයින් යාපනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

යාපනයේ විවිධ ධීවර සංගම් ඉන්දීය තානාපති කාර්යාලය වටලන බවට ප්‍රකාශ කිරීමත් සමඟ තානාපති කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවක් ඇති වූ අතර තානාපති කාර්යාලය ඉදිරිපිටට පොලිසිය විශාල පිරිසක් රැස්ව සිට ඇත.

ධීවරයින් එක්ව විරෝධතා රැළියක් ලෙස තානාපති කාර්යාලය වටලන්නට ගිය අවස්ථාවේදී විරෝධතාකරුවන් තානාපති කාර්යාලය අසලදී පොලිසිය විසින් හරස් කර ඇත.

ඉන් අනතුරුව තානාපති කාර්යාලයට ගොස් තානාපතිවරයා හමුවී ශෝකය ප්‍රකාශ කිරීමට ධීවර සංගමයේ නියෝජිතයින් 7 දෙනෙකුට පමණක් අවසර ලැබිණි.

මේ අතරතුර ඉන්දීය ශ්‍රී ලංකා රජයට විවිධ සටන් පාඨ මතු කරමින් විරෝධතාකරුවන් දිගින් දිගටම විරෝධතාවයේ නිරත විය.

මෙම විරෝධතාවයට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ධීවරයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. ඒ සමගම පොලිසියේ සහ බුද්ධි අංශ විශාල ප්‍රමාණයක් රැස්වි සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article