Monday, April 29, 2024

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

Must read

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 3,42,සහ 70 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව යෝජිත සංශෝධනය කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇතැයි එහි දැක්වේ.
සිවු වැනි වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි සංශෝධනය විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.
පනත් කෙටුම්පතේ 61(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බව සඳහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණය එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් මෙම අනුකූලතාවය ඉවත්ව යනු ඇති බව ප්‍රකාශ කරයි.
පනත් කෙටුම්පතේ 83(7) වගන්තිය ද විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව එහි දැක්වේ

තවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article