Saturday, May 18, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා වව්නියාවේදි විරෝධතා !

Must read

1538367810-protest1_Lමෙරට බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද (01) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරත විය.

කිසිදු නඩු විභාගයක් නොපවත්වා දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සියල්‍රම වර්ගයේ දේශපාලන සිරකරුවන් වහාම රජය මැදිහත් වි නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් උපවාසය සංවිධානය කොට තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් උපවාසය සංවිධානය කොට ඇත.

විරෝධතාවයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා පැවසූවේ ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් ගත වුවත්  යුද්ධයෙන් පසුව වසර 09 ක් ගත වුවත් වසර ගණනාවක් පුරාවට ලංකාවේ බන්ධනාගාර තුළ කිසිම නඩු විභාගයකින් තෙරව දේශපාලන සිරකරුවන් සිරගතව සිටින බවයි.

එම පිරිස වෙනුවෙන් කිසිදු පියවර ගෙන නොමැති බවද ඔහු පවසයි.
adaderana.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article