අන්තර් පළාත් සංචරණ සීමා කඩකරමින් සංචාරයේ නිරතවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කලේ අද (18) බදුල්ල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
විශාල පිරිසක් සති අන්තයේදී නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශවල සංචාරය සඳහා පැමිණ ඇති බව දක්නට ලැබුන බවත්, එම ජනතාව පළාත් සංචරණසීමා කඩකරමින් එසේ පැමිණියේ කෙසේද යන්න නොදන්නා බවත්, පසුගිය අලුත් අවුරුදු සමයෙන් පසුවත් මේ ආකාරයෙන් විනෝද චාරිකා ගිය පිරිස් අතරින් විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වූ බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
ඒ හේතුවෙන් අවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වෙනතුරුවත් මෙම සීමාවන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද හ් මහතා අවධාරණය කර ඇත.