Monday, September 14, 2026
spot_img

විසඳුම් ඉල්ලා නැගෙනහිර ගොවීන් විරෝධතාවයේ

Must read



නැගෙනහිර පළාතේ ගොවීන් සහ ධීවරයින් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (18) මඩකලපුවේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්විණි.ගොවීන්ගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය ඇතිව වෙල්ලවේලි, කොක්කඩිච්චෝලේ, අයිතමලෙයි, වන්දරුමුලෙයි සහ ග්‍රාන් යන නගරවල මෙම අරගලය සිදු කෙරිණි.ගොවීන් ඉල්ලා සිටියේ තමන් දැනට මුහුණ දී සිටින පොහොර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියාන් රාසමාණික්කම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.යෝගීෂ්වරන්, පී. ආරියනේන්ද්‍රන්, එන්.ශ්‍රීනාදන්,
කේ. තුරෙයිරාජසිංහම්, නගරාධිපති සරවනපවන් යන මහත්වරුන් හා අනෙකුත් දේශපාලනඥයින් සහ ගොවීන් ද සහභාගී වූහ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article