Wednesday, May 15, 2024

දුම්වැටි අලෙවි නොකරන නගර 107ක් දිවයින පුරා

Must read

no smoking

දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී ඇතැයි වාර්ථා වෙයි.  ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රික්කයේ නගර 17 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 16 ක් ඇතුලු සමස්ත දිවයින පුරාම නගර 107 ක දුම්වැටි අලෙවි කිරිම මේ වන විට තහනම් කර ඇත.

රජයේ ප්‍රතිපත්තීන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දුම්වැටිවල බදු ප්‍රතිශතය සියයට 90 දක්වා ඉහළ නැංවීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම මෙන්ම පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරිම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් රජය මගින් අනුගමනය කිරීම හේතුවෙන් මේ ආකාරයෙන් දුම්වැටි අලෙවි නොකරන නගර බිහිවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. 

එලෙසම රජය විසින් ක්‍රියාත්මක කල වැඩපිළිවෙලට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවක් කිරීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව දියත් කර ඇත. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article