අද (28) උදෑසන මරදාන හා කොළඹ කොටුව අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ සිදුවීම සම්බන්දයෙන් පුද්ගලයන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇත. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ කොළඹ කොටුවේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු,රියදුරු සහයක,හා දුම්රිය නියමකවරුන් දෙදෙනාය.
දුම්රිය අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දකුණු කළුතර දුම්රියේ රියදුරු අනතුරු සංඥා නොතකා කටයුතු කිරීම අනතුරට හේතුවී ඇති බවට සැක පහල වී ඇත.