Wednesday, May 1, 2024

‘දුන්හිඳ ඔඩිසි’ අද ( 05 ) සිට …..

Must read

කොළඹ සහ බදුල්ල අතර දුම්රිය සේවාව ආරම්භ කර වසර 100ක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ‘දුන්හිඳ ඔඩිසි’ විශේෂ දුම්රියක් අද ( 05 ) සිට  ආරම්භ කෙරෙන  බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.මෙම දුම්රිය පෙරවරු 6.30 ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය

දුම්රිය විවෘත කිරීමෙන් පසු දුන්හිඳ ඔඩිසි මගී ප්‍රවාහනය සඳහා වෙන් කෙරෙන අතර ටිකට් පතක ගාස්තුව රු. 8,000 කි. දුම්රිය ආසන 44 බැගින් සහිත මැදිරි හතරකින් සමන්විත වේ; එයට දෙවන පන්තියේ කුටි තුනක් සහ ආපන ශාලාවක් සහිත තුන්වන පන්තියේ කුටියක් ද ඇතුළත් වේ.

ඉහත දුම්රියවලට අමතරව අදාළ සැමරුම් උත්සව සඳහා එදින බදුල්ල දක්වා තවත් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ තමයි වටකුරු ආවරණ රහිත “කැලිප්සෝ” නම් විශේෂ නැරඹුම් පහසුකම් සහිත දුම්රිය. මෙම දුම්රිය සේවාව ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම කැලිප්සෝ දුම්රිය ස්වභාවික සෞන්දර්යය භුක්ති විඳීමට නිර්මාණය කර ඇති අතර ආහාර සහ සංගීතය ඇතුළු විනෝදාස්වාද අංගයන්ගෙන් සමන්විත වේ.

මෙම ගමනට පැය දෙකහමාරක් පමණ ගත වේ.
(ඩේලිමිරර් )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article