Saturday, September 21, 2024

දින 61 කට පසු මුහුදු ගිය රාමේෂ්වරම් ධීවරයින්ට සතුටුදායක මාළු අස්වැන්නක් – කණගාටුදායක මිළක්

Must read

දින 61ක මත්ස්‍ය තහනමෙන් පසු මසුන් ඇල්ලීමට ගිය රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින්ට හොද අස්වැන්නක්  ලැබුණත් ඉස්සන්, කකුළුවන් සහ මාළු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ධීවරයෝ කනස්සල්ලට පත්ව සිටිති.
මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් අද (18) අලුයම යළි ඔවුන්  ගොඩබිමට පැමිණියා. ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි මිල අධික මාළු විශාල ප්‍රමාණයක් ලැබුණු නිසා මසුන් ඇල්ලීමට ගිය රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයෝ සතුටට පත් වූහ.

ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද ඉස්සන් සඳහා සුදුසු මිලක් නියම කරන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලා සිටිති.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අයහපත් කාලගුණය කාලය අවසන් වීමෙන් පසු රාමේෂ්වරම්, මණ්ඩපම්, තොණ්ඩි, තිරුවඩනෙයි ඇතුළු ධීවර වරායන්හි ධීවරයෝ බෝට්ටු 1500කට අධික ප්‍රමාණයකින් මසුන් ඇල්ලීමට මුහුදට ගියහ.

ඩීසල් මිල ඉහළ දැමීමේ දුෂ්කරතා සහ ධීවර උපකරණ මිල ඉහළ යාම මධ්‍යයේ පෞද්ගලික මත්ස්‍ය අපනයන සමාගම් මිළ අධිකාරියක්  පිහිටුවාගැනීම නිසා  තම අල්ලන ලද ඉස්සන් සහ කකුළුවන් නොමැතිව මිල දී ගැනීම නිසා මසුන් ඇල්ලීමට ගිය ධීවරයන්ට දැඩි පාඩුවක්‌ සිදුවී ඇත.
මේ හේතුවෙන් යළි ගොඩබිමට පැමිණි එක් බෝට්ටුවකින් රුපියල් 50,000 සිට ලක්ෂයක පමණ අලාභයක් සිදුව ඇති බවට ධීවරයෝ සිය වේදනාව පළ කරති.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article