Tuesday, May 14, 2024

දැව මඩු ගැසට්ටු සංශෝධනයෙන් තහනම් වන්නේ ජංගම ලී මෝල් පමණයි

Must read

1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බව මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංශෝධනයත් සමග 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලීමෝල් පවත්වාගෙන යෑම තහනම් වන බවත්,සාම්ප්‍රදායික වඩුමඩු තහනම් නොවන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරයි.

මෙම ගැසට් නිවේදනයට අනුව 2022.12.31 වැනිදායින් පසු තහනම් වන්නේ මේ වන විට දිවයින පුරා ලියාපදිංචි කර ඇති ජංගම ලීමෝල් 300ක් පමණ වන ප්‍රමාණය බවත් අමාත්‍යංශය අදාල නිවේදනයන් වැඩිදුරටත් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article