Friday, September 20, 2024

දැඩි සංචාරක ආකර්ෂණයෙන් විනාශවන බත්තලංගුංඩුව

Must read

පසුගිය කාල සීමාව තුල විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් බත්තලංගුංඩුව දූපත මේ වන විට දැඩි පරිසර හානියකට ලක්ව ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර සිටියි.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමා ඉවත් වීමත් සමග මේ දිනවලද බත්තලංගුංඩුව දූපත වෙත සංචාරකයන් විහාල වශයෙන් පැමිණෙමින් සිටියි. දූපත තුල හෝටල් පහසුකම් නොමැතිවීම හේතුවෙන් පැමිණෙන සියලුම සංචාරකයන් තමන්ගේ සියලුම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය දේ පිටතින් දූපත වෙත රැගෙන ආ යුතුය. එසේ රැගෙන එන භාණ්ඩ සදහා කිසිදු නියාමනයක් සිදුනොවීම හේතුවෙන් හා අදාළ කසල ද්‍රව්‍යයන් බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් දූපත තුල නොමැති වීම නිසාත් විශාල පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට හක්වීම සිදුවෙයි.

මෙසේ එක්වන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූපතේ එක්පසකින් කල්පිටිය කලපුවට හා අනකේ පසෙන් මුහුදට එක්වීම නිසා මේ වන විට දූපත ආශ්‍රිත පරිසරය දැඩි ලෙස පරිසර දූෂණයට ලක්වීම ආරම්භ වී තිබේ.

(දිනමිණ පුවත්පත ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article