දළ පූට්ටුවා පිළිබදව ප්‍රශ්ණය අද පාර්ලමේන්තුවේදි විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට තරම් වු විශේෂ එකක් බවට දැන් පත්ව ඇත.
එයට හේතුව වි ඇත්තේ මේ දුර්ලභ ගනයේ ඇතා ඝාතනය කර අත්දැළ රැගෙන ඇතැයි යන පුවත මාධ්‍ය අතර මේ වන විට කේන්ද්‍රය සංවාදයක් ජනිත කර තිබුණ බැවිනි.
මේ අනුව වනජිවි ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා විසින් අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවා තිබුණි
මේ පිටුපස සිටින බලවත් අය ,කවුරු වුවත් ඒ අයටවිරුද්ධව කටයුතු කරන බවත්
මේ අයට විරුද්ධව කිසිම අනුකම්පාවක් නැති බවත් .තරාතිරමක් නොබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් අවධාරණ කර තිබුණි.