Sunday, May 19, 2024

දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනපති කියයි !

Must read

කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති මේ බව පැවසුවේ, අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article