Wednesday, January 22, 2025

දඹුල්ල රෝහලේ සිදුවීමට අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

Must read

report

දැඩි ආන්දොලනයකට තුඩු දුන් දඹුල්ල මූලික රෝහලේ මවිවරුන්ට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මත මෙම පරීක්ෂණය සිදු කෙරුනි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් සහ පියවරුන්ගෙන් ලද ලිඛිත හා නිර්ණාමික පැමිණිලි මත සහ එම රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇත.

 

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් මණ්ඩලයක් මගින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  ප්‍රකාශ කරයි.

උපුටාගැනීම – http://sinhala.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article