Friday, September 18, 2026
spot_img

ඩෙංගු අවධානමෙන් පාසල් 66ක් වසා දැමේ.

Must read

නැගෙනහිර පළාෙත් අධ්‍යාපන බලධාරීන් විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ රජයේ පාසල් 66 දින තුනකට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ දිනයේ සිටයි. මේ තීරණයට හේතු වී ඇත්තේ ප්‍රදේශය පුරා සීඝ්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යාමයි.

පාසැල් නැවතත් ලබන සදුදා දිනයේදී ආරම්භ වීමට නියමිත අතර කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් ළමුන් කිහිප දෙනෙකුට මේ වන විටත් ඩෙංගු රෝගය වැලදී තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මේ වන විට වාර්ථා වන්නේද කින්නියා ප්‍රදේශයෙනුයි. පසුගිය දෙසතිය තුල රෝගීන් 15 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් ජීවිතක්ෂ්‍යට පත්වී ඇති බවත් වාර්ථා වෙනවා.

dengue

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article