Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

දමිළ පක්ෂයකින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් මැතිවරණයට !

Must read

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂුවක් ඉදිරිපත් කළ ප්‍රථම දෙමළ පක්ෂය බවට ඉතිහාසයට එක් ව ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊ.පී.ඩී.පී. නියෝජනය කරමින් පූජ්‍ය කිරිඑබ්බනාරේ විජිත හිමි සහ පූජ්‍ය උඩවලවේ ජිනසිරි හිමි යන හිමිවරු සහභාගි වෙති

“මම හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහායි. අපේ එකම උත්සාහය ජාතික සංහිඳියාව ඇති කිරීම මිස අපි තනතුරු පසුපස යන්නේ නැහැ. අපට අවශ්‍ය එක ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනඟා ගැනීමටයි” යනුවෙන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජිත හිමියෝ පැවසූ බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

කොළඹ දිස්ත්‍රික්කයේ EPDP ලැයිස්තුව දෙමළ, මුස්ලිම් සහ සිංහල යන මේ සියලු ජන කොටස් නියෝජනය කරනු ලබයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article