Sunday, May 19, 2024

දමිල පොලිස් නිළධාරිණියකට පහර දෙන්නට ගිය හිමිනම නම ගැන පොලිස්පති නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?

Must read

%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b6%ad%e0%b7%99%e0%b6%bb-2ශ්‍රිලංකාවේ වදහිංසාව පිළිබදව සංවිධාන 20 ක් එක්ව සකස් කරන්නට යෙදුන වාර්ථාව නොවැ 15 වනදා ජිනිවා නුවරදි එක්සත් ජාතින්ගේ සංවිධානය හමුවේ ඉදිරිපත් කරන්නට යෙදුණි.
එහිදි බරපතල චෝදානාවක් එල්ල වි තිබුනේ ශ්‍රි ලංකා පොලිසිය වෙතය.
රජපක්ෂ පාලන සමයට පසුත් ශ්‍රි ලංකා පොලිසිය තුලට යහපාලනය කැදවාගෙන එන්නට වත්මන් පොලිස්පතිවරයාටද නොහැකිව ඇතිවා පමණක් නොව එසේ කරන්නට හැකියාවක් ඇතැයි හෝ යන්න ඔහු කටයුතු කරන අන්දම තුලින්ද නොපෙනේ.
මේ පසුබිම තුල මතුකළ යුතුව තවත් එක් වැදගත් කරුණක් වේ.
එනම් මිට වසරකට පමණ ඉහතදි මඩකලපුවේ කුප්‍රකට හිමිනම විසින් සිය පන්සලේ අල්ලපු වැටේ පදිංචිව සිටින පොලිස් කාන්තාවකට පහර දෙන්නට ගොස් තිබුනේ ඇය රාජකාරිමය කටයුත්තක් සදහා පන්සලට පැමිණ තිබුණ අවස්ථාවකය.
ඒ පන්සලේ තාප්පය සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සම්බන්ධයෙන්ය.
එහිදි ඇයට පැන පැන පහර දෙන්නට යන දසුන් දැන් ලොව පුරාම අන්තර්ජාලය ඔස්සේ ඇති තරමින් හුවමාරු වි ඇත.
ඇය  කාත්තාවකි.
පොලිස් නිළධාරිණියකි.
ඇය දමිල කතකි.
තවත් දෙයකි.
මේක දෙමළට ගිය රට යැයිද එහිදි කියා සිටි.
පොලිස්පතිවරයා මේ කහසිවුරු අස්සේ හැංගි සිටින මෘග ගති ඇත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔහු කරන්නේ බරපතලම වැරැද්දක් බව යළිත් කිසිවෙකුත් මතක් කර දිය යුතු නොවේ.
එහෙත් යහපාලන පොලිසිය තවමත් කාසය බිව්ව ගොළුවන් සේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article