Sunday, May 19, 2024

තිහාරිය යූත් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රහාරයක්..

Must read

Thihariya-Assaulted-696x445

පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී 2017 ප්‍රිමියර් ලීග් පලමු කාණ්ඩයේ  ශූරතාවලිය සදහා තිහාරිය යූත් හා Comrades SC කණ්ඩායම් අතර තරගයේදී පැමිණි සිටි ප්‍රේක්ෂකයන් විසින් තිහාරිය යූත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පහරදීමේ සිදුවීමක් වාර්ථා වනවා.

පාපන්දු තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබෙන අවස්ථාවේදී තරගවිනිසුරු විසින් තිහාරිය යූත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට රතු කාඩ් එකක් නිකුත් කර තිබෙනවා.එම අවස්ථාවේදී තිහාරිය කණ්ඩාමේ අනෙකුත් ක්‍රීඩකයන් විසින් ඒ පිලිබදව විනිසුරුගෙන් ප්‍රශ්ණ කරන අවස්ථාවේදී ක්‍රීඩා පිටියට පැමිණි ප්‍රේක්ෂකයන් විසින් තිහාරිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පහර දී තිබෙනවා. ඒ අතරම ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට ඇතුළු වන අවස්ථාවේදී තිහාරිය ක්‍රීඩකයන් විසින් තරග විනිසුරුට පහරදී ඇති බවත් වාර්ථා වනවා.

 

ThePapare.com – Sri Lanka’s No.1 Sports HUB

ThePapare.com – Sri Lanka’s No.1 Sports HUB

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article