ඉකුත් 14 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු.85කින් අඩු කල බවට (රු.375 සිට රු.290 දක්වා) අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනය කරුවන්ගේ හා වෙළද්රන්ගේ නිවේදනය කලද මේ දක්වා බේකරි නිශ්පාදන වල මිල අඩුවීමක් සම්බන්දයෙන් ප්‍රකාශ වී නොමැත.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සමස්ථ ලංකා බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා පවසන්නේ එලෙස තිරිඟු පිටි මිල අඩු කල බව පැවසූවද එම මිලට තිරිඟු පිටි නොමැති බවයි. තිරිඟු පිටිමිලට සාපේක්ෂව පාං මිල අඩු කිරීමටනම් අවම වශයෙන් තිරිඟු පිටි කිලෝවක මිල රු.250ක් පමණ දක්වා අඩුවිය යුතු බවද ජයවර්ධන මහතා පවසයි.