Saturday, May 18, 2024

තායිලන්ත මිලටරි පාලනයෙන් රූපවාහිනී නාලිකාවක් තහනම් කිරීමට CPJ විරෝධය..

Must read

index

පක්ෂග්‍රාහී පුවත් කිහිපයක් ඉදිරිපත් කිරීම හා ආසාධාරණ විවේදන ඉදිරිපත් කලයැයි පවසමින් තායිලන්ත රජයේ ජාතික ගුවන්විදුලි හා විදුලි සංදේශ කොමිසම විසින් එරට වොයිස් ටීවී නැමැති රූපවාහිනී නාලිකාවක විකාශය දින 7ක කාලයක් පුරා නවතා දැමීමට නියෝග කර තිබෙනවා.

තායිලත්ත ජාතික ගුවන්විදුලි හා විදුලි සංදේශ කොමිසමේ සාමාජිකයෙකු වන ලුතිනන් ජෙනරාල් පිරපොන්ග් මනකිට් හතා පවසා ඇත්තේ එම රූපවාහිනී ආයතනය විසින් ජාතික ගුවන්විදුලි හා විදුලි සංදේශ කොමිසම් පනත මෙන්ම මාධ්‍ය නියාමනය පිලිබදව වන නීතිද කඩ කර ඇති බවයි.එලෙසම එම රූපවාහිනී ආයතනය විසින් මාධ්‍ය විවේචනයන් පුළුල් වශයෙන් මර්ධනය කරන මිලටරි රජයේ තීන්දුද කඩ කර ඇති බවත් පවසා තිබෙනවා. මෙම තහනම නිකුත් කිරීමට පෙර මේ සම්බන්දයෙන් කිහිපවරක් එම නාලිකාවට දැනම්දීම් කල නමුත් ඔවුන් ඒ සම්බන්දයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා එම තහනම ක්‍රියාත්මක කල  බවත් සදහන් ලුතිනන් ජෙනරාල් පිරපොන්ග් මනකිට්  පවසනවා.

නමුත් CPJ ආයතනය පවසන්නේ එම ආයතනයේ බලපත්‍රය තහනම් කිරීම අත්හිටුවා නිදහසේ පුවත් වාර්ථාකරනයට අවස්ථාව එම ආයතනයට ලබා දිය යුතු බවයි.තායිලන්තයේ ක්‍රියාත්මක හමුදා පාලනය විසින් දිගින් දිගටම එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට බව පවසන් නමුත් තවදුරටත් මාධ්‍ය මර්ධනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි. සතියක කාලයක් තුල ක්‍රියාත්මක මෙම තහනම ඉවත් කරන ලෙස තායිලන්තයේ අදාල බලධාරීන්ට දැනුම් දුන් බවත් CPJ ආයතනය පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article