Thursday, January 23, 2025

ත්‍රස්ත පනත නිසා සිරගත කර ඇති දරුවන්ගේ දෙමව්පියන් ජනපති අමතයි

Must read



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය් තරුණයින්ගේ දෙමාපියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. තහනම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ සටහනක් උඩුගත කළා යැයි කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තරුණයින් කිහිප දෙනෙකු මෑතකදී අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම සිදුකරන ලදී. මෙම තරුණයින්ගේ දෙමව්පියන් පසුගිය 11 වනදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

ඒම අවස්ථාවට සහභාගී වූ ‌මව්වරුන්ගේ අදහස්

බාලක්‍රිෂ්ණන් සුකුන්තකුමාරි
“පසුගිය වසරේ 2020.11.27 දින ෆේස්බුක් හි කවියක් පළ කිරීම හේතුවෙන් මගේ පු බාලක‍්‍රිෂ්ණන් රාධිකාරන් (අවුරුදු 28) අත්අඩංගුවට ගත්තා. මේ තත්වය තුළ අවුරුද්දක් පමණ මගේ පුතා අහිමි වීම නිසා අපේ පවුල දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. එම නිසා ජනාධිපතිවරයා අපේ තත්ත්වය අවබෝධ කරගෙන ඔහුව නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි, ”

ෂන්මුකරාජා කලෙයිචෙල්වි
“මගේ පුතා වන විදුලැක්සන් (24 හැවිරිදි) අත්අඩංගුවට ගනු ලැබුවේ 2020.07.02 දිනදීය.

එසේම, අපේ පවුල ජීවත් වන්නේ ඔහුගේ ශ්‍රමයෙනි. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මගේ පුතා නිදහස් කරන්න කියලා.

ක්‍රිස්ටි විනෝද් ලිශලිනි
“මගේ සැමියා වන ක්‍රිස්ටි විනෝද් (36) අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටිනවා. දියණියන් දෙදෙනෙකු සිටින මගේ පවුලට මේ වන විට ජීවනෝපාය අහිමි වී තිබෙනවා. එම නිසා ඔහු නිදහස් කර අපේ දුක් වේදනා සමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. ”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article