තංගල්ල මාරකොල්ලිය මුහුදේ දිය නාමින් සිටි 59 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙම කාන්තාව මෙම අනතුරට ලක්වී ඇති අතර ප්රදේශවාසීන් හා ආරක්ෂක නිලධාරීන් කාන්තාව බේරාගැනීමෙන් අනතරුව රෝහල් ගත කර තිබෙනවා. ඇය මියගොස් ඇත්තේ රෝහල් ගතකිරීමෙන් පසුවයි.
වෙරලාරක්ෂක නිලධාරීන් පවසන්නේ එම ස්ථානයේ දියනෑම අනාරක්ෂිත බව පැවසූවත් එම කාන්තාව ඒ පිලිබදව තැකීමෙකින් තොරව මුහුදේ දිය නෑමට ගිය බවයි.