Monday, September 14, 2026
spot_img

ටික්ටොක් විඩියෝවක් නිසා 17 හැවිරිදි තරුණයෙක් මරුට

Must read

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතුවූ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙසේ ඝාතනය වී ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (03) දහවල් මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article