Friday, May 17, 2024

ඥාණසාර ජම්පරය ඇඳන් වැඩකල යුතුයි. වික්‍රමභාහු

Must read

 

Bahuමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. ඒ සම්බන්ධයෙන් “අයිතිය” වෙබ් අඩවිය වෙත ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා අදහස් දැක්වීය.

“අධිකරණය කිසිම බලයකට යටත් නොවී නියම විදියට නීතිය ක්‍රියාත්මකවී ඥාණසාරට දඬුවම් දීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි. එකෙන් පේන්නේ රට තුල නීතිය ක්‍රියාත්මක වීම සාධාරණ පැත්තට ගිහින් කියන එක හා ජාතිවාදය හා ආගම් වාදය වපුරන අය දරුණු සාහසිකයන් ලෙස පිළිගැනීමක් එකෙන් ලැබෙනවා.

විශේෂයෙන්ම සන්ධ්‍යා වැනි තමන්ගේ ළමයි දෙන්නත් සමඟ අසරණ වූ කාන්තාවක් යුක්තිය සොයා යන ගමනේදී විශාල බාධක පැමිණියා. එවැනි කෙනෙක්ට කරපු සාපරාදී ක්‍රියාව භික්ෂුවකට කිසිසේත් වටින්නේ නෑ.

ඔහුව නියම සිරකරුවෙක් ලෙසම ගෙන ආ යුතුයි. මෙම නිකායේ ස්වාමීන් වහන්සේලා නිවැරදි තීන්දුවක් අරගෙන ඔහුගේ භික්ෂුභාවය ඉවත් කිරීමට කටයුතු කරයි කියල අපි විශ්වාස කරනව. ඒ විදියට ඔහුට නැවත සාමණේර පදවියේ ඉඳල භික්ෂුභාවය ලබාගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. කෙසේ හෝ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ජම්පරය ඇඳගෙන වැඩ කලයුතුයි.”
http://www.aithiya.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article