Monday, May 6, 2024

ජාතික වනෝද්‍යාන වලට පුද්ගලික වාහන ඇතුළු කිරිම තහනම් කරන්න! – ජනපතිගෙන් නියෝගයක් ….

Must read

යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කරනු ලැබීය.

එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග නිකුත් කර තිබේ.

ඊට අමතරව  ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය  ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.

අදාළ අංශ වෙත නියම කරනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article