Thursday, May 9, 2024

ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ තිබු වික්ටෝරියා රැජින ගේ පිළිරුව කෝ ?

Must read

කොළඹ කොටුව ජනාධිපති මන්දීර පරිිශ්‍රයේ ස්ථාපිත කර තිබු විකටොරියා මහා රැජිනගේ පිලිරුව මෑතකදී කොළඹ කෞතුගාර ඵලිමහ⁣න් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබිණි. එහෙත් මේ වන විට එම ස්ථානයෙන්ද එම පිළිරුව ඉවත් කර  තිබේ .දැන් එහි ඇත්තේ එම පිළිරුව රඳවා තිබු කොන්ක්‍රිට් කණුව පමණි. එම පිිළිරුව එම ස්ථානයෙන් ඉවත් කලේ ඇයි දැයි කිසිවෙක් නොදනී.මෙය යම් කිසි කණ්ඩායමකගේ උවමනාවකට සැලසුම් කර සිදු වු
ක්‍රියාවක් විය හැකි බවද සංචාරක මඟපෙනවන්ගේ අදහසයි.
වික්ටෝරියා රැජිනගේ මෙම පිළිරුව ඉතා ඵෙතිහාසික වටිනාකමක් සහිත වුවකි.ශ්‍රී ලංකාව ඵංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සමයේ එංගන්තයේ කීරිටය දැරුවේ වික්ටෝරියා රැජිනයි. ඵ් නිසාම මෙම පිළිරුවට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන රටවල් වලින් මෙරටට පැමිනෙණ සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් සහ ගෞරවයක් හිමි වී තිබුණි.එමෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන මෙරට සංචාරකයන්ගේද වි⁣ශේෂයෙන්ම පාසල් දුවාදරුවන්ගේද විශේෂ ආකර්ෂණයක් මෙම පිළිරුව සඳහා තිබිණි. මෙරට සංචාරක මඟපෙන්වන්නන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විදේශ සංචාරකයන්ගේත් බහුතරයක් මෙරට ජනතාවගේත් ඉමහත් ගෞරවයට පාත්‍ර වු මෙම පිළිරුව යලිත් මෙම ස්ථානයේම ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි.

Using app -http://play.google.com/store/apps/details?id=com.supr.note

 

මීපුර පුරවැසි මාධ්‍යවේදී – එස්.එම්.එස් මුනිර්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article