Monday, May 20, 2024

ජාත්‍යන්තර තරග සදහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ඉන්දියාවට අහිමි වෙයි.

Must read

ඉන්දියාව තුල තරග වලට සහභාගී වීම සදහා වීසා ඉල්ලුම් කල පාකිස්ථාන තරගකරුවන් දෙදෙනෙකුට වීසා ලබානොදීම  හේතුවෙන් ඉදිරියේදී ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන සියළුම තරගාවලි පැවැත්වීම සදහා සත්කාරකත්වය දැක්වීමට ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති ඇයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

මෙම පාකිස්ථාන ක්‍රිඩකයන් දෙදෙනා ලෝක කුසලාන වෙඩි තැබීමේ ඉසව්වක ලෝක කුසලාන තරගයක් සදහා සහභාගී වීමට ඉන්දියාවේ නවදිල්ලිය වෙත යාම සදහා වීසා ඉල්ලුම් කර ඇති අතර ඉන්දීය රජය විසින් එය ප්‍රතික්ෂේප කරඇත.

මෙවැනි ක්‍රියාවන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නීතිරීතීන් වලට  අනුකූල  නොවන බැවින් එම කමිටුව විසින් ඉදිරියේදී සංවිධානය කරන සියළුම ජාත්‍යන්තර තරග ඉන්දියාවේදී  නොපැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article