Wednesday, May 1, 2024

ජවිපේ රැස්වීම් වල විදුලිය විසංදි කලායැයි ශාන්ත බණ්ඩාරට චෝදනා

Must read

maxresdefault

2018 පලාත් පාලන මැතිවරණයට අලව්ව ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජික සාමාජිකාවන්ගේ ජය තහවුරු කිරීම සදහාපසුගියදා පැවත්වන ලද ජන හමුවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානයක මහා සභාව අමතමින් සිටින අවස්ථාවේදීඑම සභාවට හා අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී ඇත. එහිදී රැස්ව සිටි පිරිස පවසා ඇත්තේ ඔන්න ශාන්ත බණ්ඩාර ලයිට් කැපුවා ලෙසටයි. මේ ආකාරයෙන්ම පෙර වසරවල පැවැති ජන හමු අවස්ථාවන් වලදීත් විදුලිය විසන්දි වූ බව රැස්ව සිටි පිරිස තවදුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත රැස්වීමේ සංවිධායකයන් විසින් විදුලි ජනන යන්ත්‍රයක් භාවිතයෙන් රැස්වීමට විදුලිය ලබා දීමට කටයුතු කර ඇත. මෙහිදී සිදුවීම සම්බන්දයෙන් අදහස් දැක්වූ ජවිපෙ නායකයා පවසා ඇත්තේ ශාන්ත බණ්ඩාරලා කරන පොඩි උසුළු විසුළු හා බය ගැන්වීමේ වැඩ වලට ජනතා විමුක්ති පෙරමුනේ ගමන නැවැත්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ චෝදනාව සම්බන්දයෙන් අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ මෙම චෝදනාව එකහෙලාම බැහැර කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article