Sunday, May 19, 2024

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හමුවී නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

Must read

sirisena-namal

(10.00 AM) ජනපති හා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්දයෙන් නාමල් කුමාර නැමැති පුද්ගලයා ඉදිරිපත් කල කරුණු සම්බන්දයෙන් මෙතෙක් පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමිනි.
මේ සම්බන්දයෙන් මාස 3කට වැඩි කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැති බවත් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඝාතන කුමන්ත්‍රණයක් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහි ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැති බවද ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ සිදුවීම සම්බන්දයෙන් පසුගිය දිනකදී “ලංකා” පුවත්පත් අනාවරණය කර සිටියේ මෙම සිදුවීමට අදාළව ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට සාක්ෂි මැවීමේ උත්සාහයක් ඇති බවත් ඒ පාර්ශවයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් ය.

ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා මූළික වූ දේශපාලන කුමන්ත්‍රණයට ප්‍රධාන හේතුවක් වශයෙන් ඔහු සදහන් කර සිටියේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරීම එම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article