Sunday, May 19, 2024

ජනවාරි මාසයේ උග්‍ර බිත්තර හිඟයක් ….

Must read

ඉදිරි ජනවාරි මාසය වන විට අප රටට උග්‍ර බිත්තර හිඟයකට මුහුණ පෑමට සිදු වන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි පවසයි.

මේ හේතුවෙන් ජනවාරි මාසයෙන් පසු බිත්තර මිල තව තවත් ඉහළ යාමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව ද හෙතෙම කී බව මව්බිම වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිය 22දා මහනුවරදී පැවති අවස්ථාවේ මාධ්‍ය අමතමින් සභාපතිවරයා ඉහත අදහස් පළ කළේ ය.

මෙහිදී ඒ මහතා මෙසේ ද කීය.

“මේ ගැටලුවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ බිත්තර ලබාගන්නා කිකිළි පැටවුන්ගේ මවු සතුන්ගේ හිඟයයි. වාර්ෂිකව අපට මෙම මවු සතුන් 80,000ක් අවම වශයෙන් අවශ්‍ය වුණ ද අපට මෙවර ආනයනය කිරීමට ලැබුණේ මවු සතුන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් විතරයි. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ රට මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article