Friday, December 27, 2024

ජනපති මෝදිට අපහාස කල කණ්ඩායමකට මුම්බායි පොලීසියෙන් දඩ

Must read

AIB ලෙස හැදින්වෙන ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ සිදුවීම් උපහාසයට ලක්කරන කණ්ඩායමක් විසින් එරට ජනපති නරේන්ද්‍ර මෝදිට සමාන රුවක් ඇති පුද්ගලයෙකු දුම්රිය පොලක සිටින ඡායාරූපයක් හුවා දක්වමින් ජනපති මෝදි මහතාව උපහාසයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මුම්බායි පොලීසිය විසින් එම  කණ්ඩායමට විරුද්ධව පැමිණිලි කොට තිබෙනවා.

ඒ අනුව අපහාස කිරීමේ වරදට හා එරට තොරතුරු තාක්ෂණ පණතට අනුව මොවුන් වැරදිකරුවන් වුවහොත් වසර තුනක සිරදඩුවමක් හා ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක දඩයක් ඔවුන්ට දඩුවම් වශයෙන් ලැබෙනු ඇති. කෙසේ හෝ මේ කණ්ඩායම විසින් මෙම ඡායාරූපය වෙන විට ඉවත් කර ගෙන ඇතැයිද වාර්ථා වනවා.

මේ සිදුවීම සම්බන්දයෙන් සමාජමාධ්‍ය හරහා අදහස් දක්වන පිරිසෙන් ඇතැමෙක් ජනපති උපහාසයට ගත් කණ්ඩායමට සහය දක්වමින් අදහස්පලකර ඇති අතර තවත් සමහරෙක් පවසන්නේ උපහාසය හා අපහාසය අතර වෙනස එම පිරිස විසින් අදුරාගතයුතු බවයි.

aib-modi_650x400_61499954415

http://www.ndtv.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article