Monday, May 20, 2024

ජනතාවට ඇත්ත කියනු ! බොරු කියන මාධ්‍ය ආයතනවලට එරෙහිව ජනතාව පෙළගැසෙති!

Must read

k sanjeewThibiri 2(3.00 pm ) ජනපති සිරිසේනගෙත් රජපක්ෂලාත් එක්ව රට අනතුරේ හෙළමින් දියත් කර ඇති කුමන්ත්‍රණය හා එක්ව රාජ්‍ය මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට බොරු කියමින් සිටිම අභියෝගයට ලක්කරමින් ඒ ඒ ආයතන ඉදිරිපිට විරෝධ දැක්විමට ඇත්ත අගයන සැමට ඇරයුම් කර සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිහු පවසා සිටිති.Gira 1chinthana darmadasaFGchanturanga
ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ ( නොවැ 28 වෙනිදා) රාජගිරියේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බොරු කියන්න එපා ඇත්ත කියනු යැයි රාජ්‍ය මාධ්‍යවලට බල කරන සිටින විරෝධතාවය නොවැ 30 වැනිදා දවල් 12 ට ලේක්හවුස් වටරවුමේදි පැවැත්වේ .
මෙම හමුවට විවිධ මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් කිපදෙනෙකුම අදහස් දක්වා සිටි අතර ජේෂ්ඨ මාධ්‍යවේදින් කිපදෙනෙකුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
කුමාරදාස ගිරිබාව, තිඹිරියාගම බණ්ඩාර .කේ.සංජිව,ප්‍රෙඩි ගමගේ ,රවි සිරිවර්ධන ,චින්තන ධර්මදාස,සහ චතුරංග අල්විස් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article