Thursday, May 2, 2024

ඡන්ද හිමි නාමලේඛණය ගැන දැනුම්දීමක්

Must read

කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් 2022 ඡන්ද හිමි නාමලේඛනය සඳහා වන බී.සී. ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදාහැරීම මෙවර සිදු නොකරන බැවින් 2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය.

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පසුගිය පළමුවනදා ආරම්භ වූ අතර එම කටයුතු ලබන ජුනි මස 15 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article