Monday, September 14, 2026
spot_img

චීන දූත පිරිසක් අද දිවයිනට

Must read

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද (08) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි.චීන දූත පිරිස හෙට (09) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article