මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද(14) අලුයම ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි. සුදු වෑන් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පිළියන්දල පොලීසිය පවසයි.
චදමුදිත මහතාගේ නිවස සහිත නිවාස සංකීරණයට පැමිණි පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඔහු ආරක්ෂක කුටියේ සිරකර මෙම ප්‍රහාරය එල්ල කිරීම සදහා චමුදිත මහතාගේ නිවස ඉදිරියට පැමිණ ඇත නිවාස සියයකට අධික සංඛ්‍යාවක් සහිත මෙම නිවාස සංකීර්ණයේ නිශ්චිත ලෙස චමුදිත මහතාගේ නිවස සොයා ගොස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කලින් සැලසුම් කර හඳුනනාගෙන ඇති ලෙස බව පොලීසිය සැක පහල කරයි.




(ඡායාරූප – ලංකාදීප)