Monday, April 29, 2024

යුක්‍රේන – රුසියා අර්බුදය : ඉදිරි පැය 48 තීර්ණාත්මකයි

Must read

රුසියාව හා යුක්‍රේනය අතර අර්බුදය තව තවත් දරුණු වෙමින් පවතියි.

මේ වන විට ඊශ්‍රායලය, නවසීලන්තය ඇතුලු තවත් රටවල් කිහිපයක් යුක්‍රේනයේ කියෙෆ් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාල ඉවත් කරගැනීමට කටයුතු කර ඇති අතර එරට සිටින සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් එරටින් ඉවත්වීමට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම මේ වන විට රුසියාව විසින් යුක්‍රේන දේශසීමාව අසල හමුදා භටයන් ලක්ෂයකට වැඩි පිරිසක් සීරුවෙන් තබමින් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන බව ඇමරිකාව හා මිත්‍ර රටවල් අනතුරු අගවා ඇත.

ඒ අනුව මෙම පවතින වාතාවරණය තුල ඉදිරි පැය 48 ඇතුලත රුසියාව සමග සාකච්ඡාවක් පැවැත්වීම සදහා යුක්‍රේනය බලාපොරොත්තුවෙන් පසුවන අතර කෙසේ වෙතත් තම දේශසීමාවන් අසල හමුදා භටයන් රැස් කිරීම සම්බන්දයෙන් රුසියාවෙන් කල විමසීමට රුසියාව ප්‍රතිචාර දක්වා නොමැති බවද යුක්‍රේන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article