Monday, May 6, 2024

චන්ද්‍රබෝස් සුදාකර් මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?

Must read

sbose

sbose1

 

චන්ද්‍රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස්   කවියෙක් උගතෙක් මෙන්ම මාධ්‍යෙව්දියෙක්.උතුරේ ප්‍රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව ප්‍රකාශයට පත්කලේ මෙන්ම එහි කතෘත්වය හෙබවුයේත් ඔහු.ඒ කියන්නේ ඔහු සැබවින්ම ලිවීමේ හැකියාව ඇති දක්ෂයෙක්.

නමුත් එස් .බෝස් 2007 වසරේ අප්‍රේල් මස 16 වන දින ඔහුගේම නිවස ඉදිරිපිටදී අවිගත් පුදගලයෙකු අතින් ඝාතනය වෙනවා.ඒ ඔහුගේ කුඩා පුතු ඉදිරිපිටදීමයි. එම සිදුවීමට පෙර 2001 වසරේදී ශ්‍රීලංකා රජය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම් හා වදහිංසාවට ලක් කිරීමේ සිදුවීම්ද වාර්ථි වී තිබෙනවා. නමුත් එලෙස ඔහුව වදහිංසාවට ලක් කීරීමට ඔහුගෙන් සිදුවූ වරදක් පිලිබදව කිසිවෙකු අදටත් හරිහැටි දන්නේ නැහැ.

ඔහු වරක්  තමල්නාඩුවේ පලවූ සගරාවකට උතුරේ දමිළ ජනතාව තම ගම්බිම් හැරදා පලා යාම පිලිබද ලිපියක් ලියා ඇති අතර එම සගරාවේ සිදුවූ දොෂයක් නිසාවෙන් එස්.බෝස්ගේ සියළුම පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට ශ්‍රීලංකා රජයට හැකියාව ලැබී තිබෙන බව පැවසෙනවා.එම නිසා තමන්ගේ ඉලක්කය වූ එස්.බෝස් කොටුකර ගැනීම ඝාතකයන්ට අපහසු නොවන්නට ඇති.

කැනඩාවේ ටොරෙන්ටෝ හි පෙඩ්ඩෙයි නැමැත්තිය විිසින් එස්.බෝස්ගේ ඝාතනය සිදුවීමට වසර කිහිපයකට පෙර ශ්‍රීලංකාවේදීම ඔහුව හමුවී ඇති අතර ඒ එම වකවානුව තුල වව්නියාව ප්‍රෙද්ශයේ සිදුවූ ඝාතනයන් පිලිබදව විස්තර ලබා ගැනීමේ අරමුණින්.ඒ වකවානුවෙ එනම් එස්.බෝස් ඝාතනය වීමට සති දෙකකට පෙර කාලය තුල වව්නියාවේදී සිදුවූ ඝාතන සංඛ්‍යාව 24ක්.ඒ අතරට ඇයගේ මිත්තණියද ඇතුලත්. පෙඩ්ඩෙයි පවසන්නේ මෙලෙස ඝාතනයට ලක්වූවන් නැති අඩුව දැනෙන්නේ එම පවුල් වල පිරිස් වෙත පමණක් බවයි.එලෙසම  2007දී එස්.බෝස් ඝාතනය වන්නේ ඔහුගේ පුතු ඉදිරිපිටදීමයි.එම අඩුව හා හිස්භාවය දැනෙන්නේ  එම පවුලේ සාමාජිකයන් වෙත පමණක් බවටත් ඇය තවදුරටත් පවසනවා.අනිත් සෑම දෙනාම මේ පිලිබදව අදහස් පල කිරීමෙන් අනතුරුව කාලයත් සමග ඒ දේ අමතක කරන අතර ජීවිතකාලව පුරාම ම අඩුව දරා ගැනීම සිදුවන්නේ පවුලේ සාමාජිකයන්ට බවයි ඇයගේ අදහස වන්නේ.

ඒ නිසාම පසුගිය කාල සීමාව තුල උතුරේ මෙන්ම දකුණේත් සිදුවූ මෙවැනිම අභිරහස් ඝාතන කොතෙක් ඇත්ද? තවමත් කිසිවෙකු හදුනානොගත්,මාරා දැමීට හේතුවක් පවා සොයා ගැනීමට අපහසු තමන්ගේ සමීපතමයන්ගේ වියෝවන්  දරා ගනිමින් ජීවත් වන පිරිස් තවත් කොතෙක් මේ පොළව මත තමන්ගේ සුසුම් හෙළමින් කල ගෙවනා ඇත්ද? ඒ දුක අපිට දැනෙන්නේ කවද්ද?

පහත දැක්වෙන්නේ ඔහු විසින් රචිතකිවයක් හා එහි ඉංග්‍රීසි පරිවර්තනයයි.

esbose_poem

SelfLet me talk
your loud voices have
cut my wound deeper.
my voice is lost and dissolved in
the light of your foot prints.
Stop,
i want to be my self
always.
the stars in the sky
shatters and breaks,
you are screaming
seeds are spurting out of land,
again and again you are being possessed.
i lowered my head in shame for you.
at least in some moments
give permission to some one,
to ask some questions that
raise from within the depth
of their heart and talk them out2.
in my broken voice
i also want to sing,
love-filled songs of sorrow

 

 

https://globalvoices.org ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article